යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ දේව පූජා
ආයුර්වේදයේ ප්‍රාථමික මූලාශ්රවල සදහන් අන්දමට ආයුර්වේදය ප්‍රධාන අංග අටකින් සමන්විත වන අතර එය අෂ්ටාංග ආයුර්වේදය ලෙස හැදින්වේ. භූත විද්‍යාව යනු අෂ්ටාංග ආයුර්වේදයේ එන හතරවන අංගයයි. නැවත අංග හෙවත් කර්ම වශයෙන් අටකට බෙදනු ලබන භූතවිද්යාවට අයත් ඉමහත් වූ මන්ත්‍ර සංඛ්‍යාව තුල 1. වශී 2. ආකර්ෂණ 3. මෝහන 4. ස්තම්භන 5. පේෂණ (ශාන්ති) 6. විද්වේෂණ 7. උච්චාටන 8. මාරණ යනුයෙන් ක්‍රියා ශක්ති අටකට බෙදේ.
එහෙත් මෙකී අංගය වර්තමාන ආයුර්වේද අධ්‍යාපනය තුළින් ක්රමාණුකූලව බැහැර වී ගොස් ඇති බව පෙනේ.


හැදින්වීම
අපගේ සේවාවන්
සිංහල වෙදකමෙ හි හෙවත් දේශීය චිකිත්සාවෙහි දැක්වෙන ආකාරයට, පුද්ගලයකු තුන්දොස්, යක්දොස්, ප්රේතදෝෂ, භූතදෝෂ, ග්‍රහදෝෂ, දේවදෝෂ හා කර්මදෝෂ යනුවෙන් සත්වැදෑරුම් බලපෑම් මගින් රෝගී භාවයට පත්විය හැකිය.
එසේ හෙයින් එකී දෝෂ සමනය සදහා යන්ත්‍ර මන්ත්‍ර සහ දේව පූජා පැවැත්වීමෙන් සහනයක් අත්පත් කර දීම අපගේ මූලික අරමුණයි.
ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම්
ලෞකික ජීවිතයෙහි යහපැවැත්ම උදෙසා බාධා ඇති වන්නා වූ ඉහත සදහන් දෝෂ නිවාරණය සදහා වඩාත් ඵලදායී සහ විශ්වාසවන්ත සේවයක් ඉතා සාධාරණ මුදලකට ඔබ වෙත ලගා කරලීම අපගේ ඒකායන බලාපොරොත්තුව වන අතර ඒ වෙනුවෙන් පහත දක්වා ඇති සේවාවන් අප විසින් සපයනු ලබයි.
දෙහි කැපීම
දෙහි කැපීම, ශාන්තිකර්ම සම්ප්රදායේ එන මූලිකම අංගයකි . ඉපැරණි ගැමියෝ මෙන්ම වර්තමාන සමාජයේ මිනිසුන් ද දෙහි කැපීම සිදුකරති . බොහෝවිට ඇස් වහ, කට වහ ,හෝ වහ, දෙවි දෝෂ ,දිවි දෝෂ දුරු කර ගැනීම සඳහා දෙහි කැපීම් සිදු කරති.


යන්ත්‍ර පැළදවීම
ග්‍රහ අපල සදහා යන්ත්‍ර පැළදවීම ආකාර දෙකකට සිදු කරනු ලැබේ. ඔබවෙත යම් යන්ත්‍රයක් පැළදවීම නියම වී තිබේ නම් එය ඉටුකර දීම එක් සේවාවකි. අපගේ ජ්‍යොතිෂ සේවය මගින් ඔබගේ ජන්මපත්ර පරීක්ෂ කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන යන්ත්‍ර පැළදවීම අනෙක් සේවාවයි.
රවි – චන්ද්‍ර - කුජ – බුධ- ගුරු – ශක්‍ර – ශනි – රාහු හා කේතු යන නව ග්‍රහයන්ගෙන් අපට පැමිණෙන මාරක, බාධක, අපල උපද්‍රව දුරු කර යහපත ශාන්තිය සෞභාග්‍යය උදාකර ගැනීම පිණිස පවත්වන නවග්‍රහ පූජාව අතීතයේ පටන් පැවැත වර්තමාන ජන සමාජයේ පවා ගෞරවයට පාත්‍ර පූජා විධියකි. ඉන් ග්‍රහ බලය තීව්ර කෙරෙයි. අපල තත්ත්වයන් සමනය කෙරෙයි. යහපත උදා කෙරෙයි.
නවග්‍රහ පූජා පැවැත්වීම




අප හා සම්බන්ධ වීමට
ඔබ වෙත ලබා ගත යුතු සේවාව සදහන් කරමින් මෙම පෝරමය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න. ඔබගේ විස්තර අප වෙත ලැබීමෙන් අනතුරුව ඔබ හා සම්බන්ධ වනු ඇත. හදිසි අවස්ථාවකදී පමණක් දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වීමට කාරුණික වන්න.
දුරකථන / වට්ස් ඇප් අංක
0770787950
ඊ මේල් ලිපිනය
info@sansamana.com
ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම්
දේව පූජා පැවැත්වීම සහ පඩුරු ගැට ගැසීම
ලෞකික ජීවිතයේදී අපට මුහුණ පෑමට සිදුවන ලෙඩදුක් කරදර බාධක වලින් ආරක්ෂා වීම සදහා දෙවියන් සදහා පුද පූජා පැවැත්වීම, පඩුරු ගැටගැසීම, කන්නලව් කිරීම සහ පිං අනුමෝදන් කිරීම සිදු කරනු ලබයි.


සෙත්කවි සෑදීම
භූත විද්‍යාවෙහි එන ඉතා බලවත් ශාන්ති කර්ම ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකි වේ. ලෞකික ජීවිතයෙහි එන ඉතා දුෂ්කර අවස්ථාවන් වලදී ඉතා සීමිත වශයෙන් ප්‍රයෝජනයට ගත යුතු ශාන්ති කර්මයකි.
අලුත් සහල් මංගල්‍යයක් ලෙසද, ගැබිණි මව්වරුන්ගේ ආරක්ෂාව සදහා ද දෙවියන්ගේ ලෙඩ වලින් ආරක්ෂා වීම සදහා ද නිවාස දෝෂ දුරු කරගැනීම සදහා ද ආදී නොයෙක් කාරණා වෙනුවෙන් පත්තිනි මෑණියන්ට වන භාර හාර නිදහස් කිරීමට කිරි අම්මාවරුන් උදෙසා දානයක් දෙනු ලබයි.
කිරි අම්මාවරුන්ගේ දාන මෙහෙයවීම




ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම්
ගෙවල් ආරක්ෂා කිරීම
නිවාස වල පවතින අමනුෂ්‍ය දෝෂ, අණවින කොඩිවින දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, දෙවි දෝෂ සහ වාස්තු දෝෂ ඉවත් කර ගෙහිමියන්ගේ දියුණුවට සිදු වී ඇති බාධාවන් සහ ලෙඩදුක් කරදර බාධකයන් ඉවත් කර දීම.


යක්ෂ, ප්‍රේත දෝෂ වලට පිළියම් කිරීම
පුද්ගලානුබද්ධ සහ ස්ථාන බද්ධ යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ ආදී අමනුෂ්‍ය දෝෂයන් ඉවත් කර යහපතක් උදා කර දීම.
නව නිවාස ඉදිකිරීමේදී හා පවතින නිවාස වලද, මැණික් පතල් කර්මාන්තයෙහිද, භූමිය සම්බන්ධ ව්‍යාපාර කටයුතු වලදීද, බහිරව බලපෑම් තුලින් සිදුවන ආර්ථික පරිහානියන් සහ ලෙඩදුක් කරදර වලින් ආරක්ෂා වීම සදහා මෙම බහිරව පූජාවන් පවත්වනු ලබයි.
බහිරව පූජා පැවැත්වීම




